විදුහල්පති පණිවිඩය
අබේසේකරගම මහා විද්‍යාලය

වත්මන් ලෝකයෙහි විද්‍යාව හා තාක්ෂණය විශ්මය දනවන දියුණුවක් අත්පත් කරගෙන සිටියි.එහි ක්‍රියාකාරිත්වය පුදුම එළවන සුලුය.තාක්ෂණයේ හා විද්‍යාවේ මූලික අපේක්ෂාව විය යුත්තේ මිනිසා හා සමස්ත ලෝකයටම වඩාත් යහපත් පරිසරයක් නිර්මාණය කිරීම ය.එනමුත් එය එසේම සිදු නොවන බව කිසිවෙකුට රහසක් නොවේ.එය එසේ වූ පමණින් ඉන් මිදී අනාගතයක් අපේක්ෂා කිරීම සැබෑ නොවන සිහිනයකි.දකුණු පළාතේ අගුණුකොළපැලැස්ස නගරයේ අබේසේකරගම ප්රදේ්ශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
අප විද්‍යාලයේ සිසු දරු ගුරු ප්‍රජාව අඩු පහසුකම් මධ්‍යයේ වුවත් යහපත් අනාගතයක් අපේක්ෂා කරන අප විද්‍යාලයේ නියමුවා ලෙස කටයුතු කරන මට ඇත්තේ ඉමහත් සතුටකි.අප සියලු දෙනාගේම වගකීම හා යුතුකම විය යුත්තේ යහපත් පුරුෂාර්ථ සහිත සමාජයක් වෙනුවෙන් ලද සම්පත් ගුණාත්මකව හා ඵලදායිව භාවිතා කිරීමට එකාවන්ව කටයුතු කිරීමයි.ඒ සදහා අප සියලු දෙනාම නැණ නුවණින් කටයුතු කරමු.
විදුහල්පති,
අබේසේකරගම මහා විද්‍යාලය