පාසලේ ඉතිහාසය

Western Provincial Won the 4th palace

WhatsAppImage2023-10-19at122026.jpeg

ආනන්දීය අනගිභවනීය ඉතිහාසයෙන් බිඳක්

ක්‍රි. ව  1875 තරම් ඈත් අතීතයකට දිවයින ආනන්දයේ   මූලාරම්භය සිංහල අදධ්‍යාපනයට අල්ප වූ රුකුලක්  ලත් කාල වකවානුවකට උරුමකම් කියයි. ඉංග්‍රීසි පාලන සමය වූ මෙකී වකවානුව තුළ රාජ්‍ය අනුග්‍රහය නොමැතිව වුවද අදින සිංහල පරපුරේ අප්‍රතිහත ධෛර්යය ඵලයක් ලෙසින්  මිගහවත්ත ඉඩමේ මිශ්‍ර පාසලක් ලෙසින් ආනන්ද විදුමව් අරබුමට නැසීගිය දිසා විනිසුරු ලයනල් සමරතුංග මතිතුමාගේ පරිත්‍යාගය  මුල වී ඇත   .

විශාලත්වයෙන් අක්කරයක් පමණවූ ඉඩම් පරිත්‍යාගයක් කිරීමට දෙවලපොල සේනානායක මහතා නිර්ලෝභී වීමේ  අවසන් ඵලය වූයේ වර්තමාන ආනන්ද මහ විදුහල  පිහිටි භූමියේ ක්‍රි. ව එක්දහස් 1915 දී එක්  ගොඩනැගිල්ලකින් සමන්විත ආනන්ද මහ විදුහල ස්ථාපිත වීමයි. පසුකාලීනව ඇතිවූ අවශ්‍යතාවයන්ට අනුගත සේනානායක මැතිදුන් විසින් ම තවත් අක්කරයක භූමි භාගයක් ආනන්දය පරිත්‍යාග කළ අතර,  රජයෙන් ලබා දෙන ලද අක්කර භාගයක බිම් කොටස ද සමඟ ආනන්ද මහ විදුහලේ වපසරිය වර්තමානය අක්කර 2.5 දක්වා දිව යයි .

ක්‍රි. ව 1875 දී ආරම්භක විදුහල්පති වරයා වී ඇත්තේ ඒ. ඒ. සේපාල මැතිතුමා වන අතර දොන් දානියෙල්  රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ දී විදුහල වත් මන්  භූමි භාගයේ ස්ථාපිත කර ඇත. එදා මෙදා තුර විදුහල්පතිවරුන් රාශියකගේ දහදිය ශ්‍රමයේ  ප්‍රතිපල අපි අද භුක්ති විඳිමින් සිටින්නෙමු. ඔවුන් බොහෝ දෙනෙකුගේ වුව අප වෙතින් සදහටම වියැකී  ගියද පාසලේ නා තුරු ගොමුව මතින් හමා එන සිසිල් සුළං රැල්ලේ වෙලි  ඔවුනගේ මතක සුවඳ ආනන්ද විදුමව් පුරා සදාකල් පැතිරෙනු ඇත.

 එක් ගොඩනැගිල්ලක් තුළ විශාල පිරිසකට අකුරු කර වූ ආනන්ද විදු මවගේ අතීත ගුරු මව්පියවරු අවට තිබූ අනෙකුත් පාසල් වැසී යන තරමට විශාල සිසුන් සංඛ්‍යාවක් ආනන්දයට ආකර්ශනය කර ගැනීමට සමත් වී ඇත. 1985දී ආනන්ද මිශ්‍ර පාසල  මහා විද්‍යාලයක් බවට පරිවර්තනය වන්නට ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි 1962 දී ප්‍රථම වතාවට ආනන්දයේ දියනියක් පේරාදෙණිය සරසවි වරම් ලැබුවේ ආනන්ද මහා විද්‍යාලය අභිමානයට කිරුලු පලන්දවමිනි.  එතැම් සිට මේ දක්වා අනද  දූ පුතුන් සරසවි වරම් ලබමින් රටට දැයට වැඩ ඇති උත්තම පුරවැසියන් වී සිටිනු දැකීමට තරම් අනද මව් පින් වන්තය.

1915 දී  ගොඩනැගිල්ලකින්  ආරම්භ වූ  ආනන්ද මහා  විදුහල අනුක්‍රමයෙන් ගොඩනැගිලි පහසුකම් වලින්ද ජල, විදුලිබල පහසුකම් වලින් ද පොහොසත් විය. වර්තමානයේ දී තොරතුරු තාක්ෂණයෙන් හෙබි දරුවන් පිරිසක් බිහි කරනු වස් නවීනතම  සන්නිවේදන  මධ්‍යන්ගෙන් ද අපි ශක්ති වන්තයෝ වෙමු. හිටපු විදුහල්පති ආර්.කුසුම තිස්ස මැතිතුමාගේ කැප වීමේ ප්‍රතිඵල පාසලට ප්‍රවිෂ්ට වෙද්දීම දුටුවන්ගේ සිත් ඇද බැද තබයි. ඉසුරු පාසල් සංකල්පය යටතේ, ආනන්ද මහ විදුහල් වලට පහසුකම් රාශියකගේ උරුමය ලබා දෙන්නට එතුමගෙ මැදිහත්වීම සෘජුවම බලපෑවේය. රමණීය තෙමහල් ගොඩනැගිල්ලක් මහින්දෝදය විද්‍යාගාරයක් පාසලේ දූ පුතුන්ගේ හෙට දෙන ප්‍රභුශ්වර  කරනවා නොඅනුමානය. සුපිරි විදුබිමෙන් සපිරි දරු කැලක් ගැන දැක්ම හරහා ආනන්ද මහ විදුහල  සොඳුරු ගමනාන්තයක් කරා ගමන් අරඹා ඇත. අතීත රාකිය  පරපුරක පාද ස්පර්ශය ලද භූමියක ගොඩනැගුණු ආනන්දය ගමන් මග සුපිපි  නා තුරු සෙවනින් ලත් සිහිල  සමග නොනැවතී ඉදිරියටම දිවයනු ඇත. දීනෙක රජුන් තනනු ඇත. ඒකි  ගමනට දිරිය ශක්තිය එහි  වර්තමානිකයන් වන  ඔබත් අපත් නමසුරුව කැප කළ යුතු වෙමු.  

  අප පාසලේ පලමු ලොග් සටහන